Friday, February 12, 2010

ජාත්‍යන්තර ජෛව විවිධත්ව වසර - 2010

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මෙම වසර ජෛව විවිධත්ව වසර ලෙස නම්කර තිබේ.

UN Secretary General Welcome Message for the 2010 International Year of Biodiversity from CBD on Vimeo.


අප අවට පරිසරය රැකගැනීමෙ හෝ විනාශකිරීමේ හැකියාව මිනිසුන්හට ඇත. පෘථිවිය තුල ජීවයේ ඇති විවිධබව ජීවයේ පැවත්ම සඳහා ඉතා වැදගත්වේ. ජීවීන් අතර ඇති සම්බන්ධතාවයන් සහ ජෛව පද්ධථි අපගේ පැවත්ම සඳහා අවශ්‍ය ආහාර, සෞඛ්‍ය, ඉන්ධන, ධනය සහ අනෙකුත් වැදගත් සේවාවන් සඳහා ඍජුවම සබැදේ.
ජෛව විවිධත්වය රැකගනීම සඳහා ඔබටත් සහභාගී වියහැකි අයුරු ගැන මෙතැනින් සොයාබලන්න.
http://www.cbd.int/2010/participate/

අපේ රටේ ජෛව විවිධත්වය සඳහා බලපාන කරුණුගැන නීතීඥ ජගත් ගුනවර්ධන මහතා සමග සිංහලෙන් කෙරෙන සාකච්චාවක් පහත දැක්වේ. අපේ රටෙ ජෛව විවිධත්වය රැකීමට ඔබට කලහැකි දේ ගැන මෙම සාකච්චාවෙන් දැන ගත හැක.

Bio diversity from Young Asia Television on Vimeo.

Saturday, February 6, 2010

තහනම් ශරීර උත්තේජක වල ඊලඟ පිම්ම???

ලබන සතියේ (පෙබරවාරි 12) ආරම්භවෙන සිසිර ඔලිම්පික් ක්‍රීඩා උත්සවය නිසා මේදිනවල නැවතත් තහනම් උත්තේජක ගැන කතා කිරීමට පටන්ගෙන තිබේ. මෙතෙක් නීති විරෝධි තහනම් උත්තේජක භාවිතාකරන ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන් පාවිච්චි කරනු ලැබූ blood doping සහ ස්ටෙරොයිඩ වලට අමතරව විද්‍යාඟයින් මේ දිනවල ජාන චිකිත්සාව (gene therapy) ගැන විමසිලිමත්ව ඇත. ඉන්සියුලින් සමාන වර්ධක සාධකය (insulin-like growth factor) පාවිච්චි කර ස්ථුලතාවය, දියවැඩියාව සහ පේශි දුර්වලතාවයට පිළියම් කිරීමවෙනුවට, එවැනී වර්ධක සාධක භාවිතාකර පේශී ප්‍රමානය වැඩිකර ගැනීමට මෙම නීතිවිරෝධි ක්‍රීඩකයින් උත්සාහකරයී.

සමහර රසායනික ද්‍රව්‍ය ශරීරයට ඇතුලු කර මෙවැනී වර්ධක සාධක ක්‍රියාකරවීමෙන් මෙවැනි අසාධාරණ වාසීයක් ලබාගත්හැකිය. විද්‍යාඟයින්ගේ මීලඟ ඉලක්කය වී ඇත්තේ එම රසායන ද්‍රව්‍ය ශරීරයේ ඉතිරිකරන රසායනික මුද්‍රාවන් හඳුනාගැනීමයි.කෙසේ වෙතත් මෙම සාධකය භාවිතාකර තවමත් ජනනය කර ඇත්තේ වේගවත් සහ ප්‍රබල මීයන් පමනය.

Wednesday, February 3, 2010

හැම සතෙකුගේම ශබ්දය එකවගෙයිද?

ෆ්ලොරීඩා විශ්ව විද්‍යාලය සහ ඔක්ලහෝමා ප්‍රාන්ත විද්‍යාලය එකතුව සතුන් වර්ග 500 කින් එකතු කරන ලද දත්ත වලට අනුව සියලු සතුන්ගෙ හඬ අතර අපුරූ සම්බන්ධතාවයක් ඇති බව පෙනේ. සතෙකූගෙ ශබ්දයේ සංඛ්‍යාතය (frequency) සහ ශබ්දයේ කාලසීමාව (duration) එම සතාගේ පරිවෘත්තිය (metabolism) මත රඳා පවතින බව තමයි එම විද්‍යාඟයින් පවසන්නේ.

සතෙකුගේ පරිවෘත්තිය රඳා පවතින්නෙ එම සතාගේ ශරීරයේ විශාලත්වය සහ උශ්ණත්වය මතය. ඒ අනුව අමානකම් වලට සීරු මාරූ කල විට (adjust) ගෙම්බෙකුට සහ තල්මසෙකුට එකම ශබ්දයක් ඇතිබව තමයි මෙම විද්‍යාඟයින් හෙලිදරව් කර සිටින්නෙ.

වැඩි දුරට කියවන්න.....http://news.ufl.edu/2010/01/06/acoustic/