Saturday, February 6, 2010

තහනම් ශරීර උත්තේජක වල ඊලඟ පිම්ම???

ලබන සතියේ (පෙබරවාරි 12) ආරම්භවෙන සිසිර ඔලිම්පික් ක්‍රීඩා උත්සවය නිසා මේදිනවල නැවතත් තහනම් උත්තේජක ගැන කතා කිරීමට පටන්ගෙන තිබේ. මෙතෙක් නීති විරෝධි තහනම් උත්තේජක භාවිතාකරන ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන් පාවිච්චි කරනු ලැබූ blood doping සහ ස්ටෙරොයිඩ වලට අමතරව විද්‍යාඟයින් මේ දිනවල ජාන චිකිත්සාව (gene therapy) ගැන විමසිලිමත්ව ඇත. ඉන්සියුලින් සමාන වර්ධක සාධකය (insulin-like growth factor) පාවිච්චි කර ස්ථුලතාවය, දියවැඩියාව සහ පේශි දුර්වලතාවයට පිළියම් කිරීමවෙනුවට, එවැනී වර්ධක සාධක භාවිතාකර පේශී ප්‍රමානය වැඩිකර ගැනීමට මෙම නීතිවිරෝධි ක්‍රීඩකයින් උත්සාහකරයී.

සමහර රසායනික ද්‍රව්‍ය ශරීරයට ඇතුලු කර මෙවැනී වර්ධක සාධක ක්‍රියාකරවීමෙන් මෙවැනි අසාධාරණ වාසීයක් ලබාගත්හැකිය. විද්‍යාඟයින්ගේ මීලඟ ඉලක්කය වී ඇත්තේ එම රසායන ද්‍රව්‍ය ශරීරයේ ඉතිරිකරන රසායනික මුද්‍රාවන් හඳුනාගැනීමයි.කෙසේ වෙතත් මෙම සාධකය භාවිතාකර තවමත් ජනනය කර ඇත්තේ වේගවත් සහ ප්‍රබල මීයන් පමනය.

1 comment:

  1. මේ පාරත් අහුවේ එකෙක් හරි ඔය ජාතිය ගත්තාඅ කියලා

    /බිඟුවා...!

    ReplyDelete