Tuesday, November 23, 2010

වයර්ලස් හරක්

බ්‍රසීලයේ මිලියන 200ක් පමණ හරකුන් සිටිති. මෙම හරකුන් සියල්ලන්ගේම කනෙහි ට්‍රැකින් චියක් අන්තර්ගත කිරීමට බ්‍රසීලය බලාපොරොත්තුවෙනවා. මෙම චිපයන් සැදීම ගුවන් විදුලි තරංග හදුනාගැනීමේ පත් (RFID) මගින් සිදුකළ හැකිය. එමගින් හරකුන්ගේ ආගිය තැන්, අයිතිය වැනි දැ තහවුරුකර ගැනීමට හැකිය. RFID අපි නොදැනුවත්වම නිතර භාවිතාකරන දෙයකි. 
මෙම චිපයන් මගින් අනාගතයේදි සතුන්ගේ රෝගී තත්වයන් සහ සෞඛ්‍ය මෙන්ම, උන්ගේ පෝෂණ තත්වයද මැනගැනීමට හැකිවේවි
සමහරවිටෙක් සුරතලයට ඇතිකරන සතුන්ගේද මෙවැනි චිපයන් ඇතුළුකිරීම මගින් එම සතුන් සොරාගැනීම් සහ අතරමංවීම් වලකාගත හැකිවේ. ඉදිරියේදි මෙවැනි චිපයන් මගීන් සිදුකළ හැකිදැ තවත් වර්ධනය කිරීමටනම් ඉන්ජිනේරු, ජෛව සහ රසායන විද්‍යා අතර ඉතා සහසම්බන්ධතාවයකින් කටයුතු කළයුතුවේ. 
බ්‍රසීලය වැනි අධ්‍යාපනයට වැඩි තැනක් නුදුන් රටක මෙවැනි තාක්ෂණය දියුණු කිරීම සිදුවුවද වසර හැට හැත්තෑ ගණනක් නොමිලෙ අධ්‍යාපනය සපයන අපට මෙවැනිදේ කළනොහැකියැයි ඔබ සිතනවාද? 
වැඩිදුර මෙතැනින් කියවන්න
http://news.cnet.com/8301-13860_3-20004835-56.html

Thursday, November 18, 2010

ආවර්තිතා වගුවේ සාදයේදී කාබන්ට පිස්සුවැටෙයි

පහත වීඩියෝව ආවර්තිතා වගුවේ සාදයක් ගැනයි. එහි පොටැසියම් සහ ජලය අතර පැවැතෙන ස්ඵෝටක ප්‍රතික්‍රියාවක්ද, විරල වායුන් අතර කිසිම ප්‍රතික්‍රියාවක් නැති හැටි යනාදී වශයෙන් ආවර්තිතා වගුගේ සමහර ලක්ෂණ පෙන්වුම්කර ඇත. යුරෝපියානු සංගමයේ මාරි කියුරි ඇක්ෂන් නම් පර්යේෂණ සඳහා මුල්‍යාධාර සපයන සංවිධානයක් විසින් මෙම වීඩියෝව නිර්මාණය කර ඇත. ඔබට ආවර්තිතා වගුවේ ලක්ෂණ මතක තබා ගැනීමට මෙය උදවුවේද? මොකද හිතන්නේ?