Friday, May 14, 2010

බිස්ෆීනෝල් ඒ පොලිකාබොනේට් (bisphenol A polycabonate) සහ දිලීර

බිස්ෆීනෝල් ඒ පොලිකාබොනේට් (bisphenol A polycabonate) - BPA, නොබිඳෙන සුලු ප්ලාස්ටික් වර්ග සෑදීමට භාවිතා කරන ෆීනොල් ක්‍රියාකාරී කාන්ඩ සහිත කාබනික ද්‍රව්‍යකි. පානීය ජලය බෝතල, වෛද්‍ය උපකරණ, ඇසුරුම් කරණ ලද ආහාර ද්‍රව්‍ය ආස්තරය කිරීමට යොදන ද්‍රව්‍යක් ලෙස BPA බහුල ලෙස යොදා ගැනේ. වසරකට ටොන් මිලියන 2.7ක් පමන BPA යොදාගත් ප්ලාස්ටික් වර්ග ලොව පුරා නිපැදවේ.

BPA, අන්තරාසර්ග නිශේදකයක් (Endocrine disruptor) ලෙස කුඩා ළමුන්ට සහ කලලයන්ටද හානිකරන අතර, පිලිකා සහ ස්ථුලභාවයටද සබැඳියාවක් ඇතැයි සැක සහිත ද්‍රව්‍යයකි. ඉන්දියාවේ මැඩ්‍රාස් හි ඉන්දියානු තාක්ෂනික ආයතනයේ (IIT - Madras) ත්‍රිශුල් ආර්ථම් සහ මුකේෂ් ඩොබල් බයොමැක්‍රොමොලෙකියුල් ප්‍රකාශණයේ ජනවාරි කලාපයේ සටහන් කල ආකාරයට පාර ජම්බුල කිරණවලින් ප්‍රවිකිරණය කරනලද ප්ලාස්ටික් වලින් දිලීරවල ආධාරය ඇතිව BPA සම්පූර්ණයෙන්ම ඉවත් කල හැකිය.

ප්ලාස්ටික්වලින් වටවූ ලෝකයක, මෙවැනි හානිකර ද්‍රව්‍ය පරිසරයට විමෝචනය වීම වැලක්වීමට ක්‍රමයක් සොයාගැනීම ඉතාමත් සතුටුදායක් පුවතකි.

2 comments:

  1. ඔබ මූල ස0යෝගය ගැන කර ඇති විස්තරය ප්‍රමාණවත් නැති නිසා අප්ට මෙම ලිපියෙන්..සොයාගෙනඇති නව ප්‍රට්දිකර්මය ගැන පැහැදිලි අවබෝධයක් ලබාගත නොහැක..මෙය මාගේ පෞද්ගලික අදහස වෙයි..

    ReplyDelete
  2. සපයා ඇති සබැඳියාවන්ගෙන් ඔබට මේ ගැන වැඩිදුර දැනගත හැක. BAP ගැන සහ පාර ජම්බුල කිරණ වලින් බහුඅවයවක ප්ලාස්ටික් වලට වන හාණි ගැන වෙනම ලියන්නම්

    ReplyDelete