Thursday, July 15, 2010

බ්ලේක්ස් 7 බලලා තියෙනවාද?

මා කුඩා කාලයේදී, BBC හී විකාශණයවූ අභ්‍යාවකාශ විද්‍යා ප්‍රබන්ධයක් වූ බ්ලේක්ස් 7 ලංකාවේ රූපවාහිනියේ බලනවා මතකයි. මීට අවුරුදු කිහිපයකට පෙර එහි DVD මාලාව පිටවිණි. කුඩා කාලයේ මතකයන් නිසා එය නැවත බැලීමේ ආසාව තිබුනද DVD 2නි කළාපයේ පමණක් නිසා සහ මිලෙන් වැඩිවීම නිසා බැලීමට නොහැකිවිය. නමුත් ඉතා මැතකදී මුලු වසර 4හිම සියලූම කථාංගයන් බැලීමට හැකි වෙබ් අඩ්වියක් සොයා ගතිමි. එය ඔබ සැම සමග බෙදා ගැනීමටයි මෙම සටහන.


අභ්‍යාවකාශ ෆෙඩරේශණය නම්වූ ලෝකයන් පාලනය කරන ආන්ඩුවකට විරුද්ධ බ්ලේක්, ඒවන්, විලා, ජෙනා, කැලී, ගෑන් සහ ලිබරේටර් යන ඉතාමත් අග්‍රගන්‍යයේ අභ්‍යාවකාශ යානය යන 7 දේනා ආරම්භයේදීද, පසුව ඔ‍රැක් යන අග්‍රගන්‍යයේ පරිගනකයද, ට්‍රැවිස් සහ සර්වලෑන් යන දුශ්ඨයන් දෙදෙනාද මෙම කථාවේ ප්‍රධාන චරිතවේ.

මෙන්න සබැඳියාව: www.veehd.com

අවුරුදු 32 ඉහතදී නිශපාදනය කලද මෙම වැඩ සටහන තවමත් සතු‍ටුවිය හැකි තත්වයක තිබෙන බව මගේ හැගීමයි. ඔබත් එසේ සිතනවාද?

1 comment:

  1. නියමයි නොවැ. එහෙනම් මම වගේ අය තවත් ඉන්නවා. මමයි මගේ යාළුවා දමිතුයි, පොඩි කාලේ මේ කතා මාලාවට හරිම ආසයි. පාසැලේ කතාවම මේ ගැන තමයි. දමිත් තමයි මට සියල්ල නැවතත් බාලා දුන්නේ. ඇත්තෙන්ම දැන් බැළුවත් රසවිදින්න පුළුවන්. මා ලඟ මේ සියල්ල DVD කරලා තියෙනවා. ප්‍රබන්ධය සත්‍යට කිට්ටු වෙන තරමටලු එහි ලස්සන. මේක නම් හරිම ලස්සනයි. හැබැයි. අවසන් කරපු හැටි ගැන නම් මට හරිම දුකයි. ඒවන් ට රහපාපු නළුවා කතා මාලාවේ ම අයිතිය අරගෙන අළුත් එකක් නිපදවන්නට ගිය ආරංචියකුත් තිබුනා. කොහොම වුනත් සතුටුයි. මේ ලිපිය ගැන

    ReplyDelete