පරණ පොත් වලින් එන සුවඳ ගැන අපි දන්නවා. රසායන විද්‍යාඟයින් අතීතයෙදී මෙම සුවඳට හේතුවන අණු කුමක්ද යන්න ගැන පරීක්ශණ කරල තිබෙනවා. මෙම සුවඳට හේතුවන වාෂ්පශීලී කාබනික සංයෝග (volatile organic compounds - VOC) අතර ඇසිටික් අම්ලය, හෙක්සනෝල් (hexanol), ෆර්ෆුරැල් (furfural), විවිධ ඇල්ඩිහයිඩ, කීටෝන, 2-එතිල්හෙක්සනෝල් වැනි දේවල් අඩංගු වෙනවා.
මෑතකදි මතීහා ස්ටර්ලිච් (Matija Strlic) සහ පිරිස ලන්ඩනයේදී කරන ලද පරීක්ශන වලින් මෙම සුවඳට හේතුවන අණු පිටවන රටාවට අනුව පොතේ භෞතික අවස්ථාව ගැන සමග තිබෙන සම්භන්ධතාවය ගැන හෙලිදරව්වෙනවා.
කොල තැනීමට පාවිච්චි කරන ලී තන්තු වල ස්වභාවයෙන් ඇති ලිග්නීන් (Lignin) කොල කහ පාට වීමට හේතු කාරක වෙන අතර, ලිවීම පහසු කිරිමට එකතු කරන රෝසීන් (Rosin) අණු බිඳ වැටුනු විට ඇතිවන විඛාදක සංයෝග සහ ආම්ලික සංයෝග කොල දිරා යාමට හේතු කාරක වෙනෙවා. මීට අමතරව පාර ජම්බුල ආලෝක කිරණ(UV light), උශ්ණත්වය, ආර්ද්‍රථාවය (humidity) වැනි දේවල් කොල දිරා යාම ඉක්මන් කිරීමට හේතු වෙනවා. කොල දිරා යාම සමග ඇතිවන කුඩා අණු (වාෂ්පශීලී කාබනික සංයෝග) කොල වලින් පිටතට පැමිනි විට සුවඳ ඇති වෙනවා.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment