කාමර උශ්ණත්වයේදී වීදුරු තනන්න බැරි බව අපි දන්නවා. නමුත් වීදුරුවල තිබෙන ගතිගුණ ඇති සංයෝගයක් කාමර උශ්ණත්වයේදී තැනිය හැකිනම්, එවැනි දෙයකින් අති මහත් ප්‍රයෝජන ගත හැකිය. සොල්-ජෙල් මෙවැනි සංයෝගයක්. උදාහරණයක් හැටියට, සිලිකන් ඇල්කොක්සයිඩ් (silicon alkoxide - Si(OR)4 - R=Methyl, ethyl,etc) ජලය සමග ප්‍රතික්‍රියා කිරීමෙන් (ජල විච්චේදන ප්‍රතික්‍රියාවෙන්) ඇතිවන සිලිකන් හය්ඩ්‍රොක්සයිඩ් (SiOH4) ඉතාමත් ප්‍රතික්‍රියෂීලී සංයෝගයකි. සිලිකන් හය්ඩ්‍රොක්සයිඩ් ඉතා සැනින් බහු සංඝනන ප්‍රතික්‍රියාවක් (poly-condensation reaction) හරහා සොල්-ජෙල් තනයි.මෙවැනි සොල්-ජෙලයක් සිලිකන් සොල්-ජෙල් ගණයට අයිති වෙනවා.
සිලිකන් සොල්-ජෙල් වීදුරු වගේම පාරදෘෂයයි. වෙනසකට ඇත්තෙ වීදුරු තරම් ඝනත්වයක් නැහැ. අණුක මට්ටමේදී සිදුරු සහිතයි. එමනිසා කාමර උශ්ණත්වයේදී, කුඩා කාබනික අණු මෙම සිදුරුවල ඇතුලු කර සොල්-ජෙල් තැනීමට විද්‍යාඟයින් සමත්වෙලා තිබෙනවා. මෙසේ ඇතුලුකරණ අණුවල ගුණ අනුව කාබනික-අකාබනික සංයුක්ත සංයෝග තැනීමට හැකිය. එම සංයෝගවලට අනුකාරක කාබනික සහ අකාබනික අණු දෙකේම ගුණ තිබෙනවා. සිලිකා සොල්-ජෙල් වලට වීදුරු වලට වගේම අධික උෂ්ණත්වයන්ට මුහුන දෙන්න පුලුවන්. ඒ වාගේම ප්‍රතික්‍රියාෂිලිත්වයද අඩුයි. මෙවැනි දෙයක ඉතාමත් මෘදු කාබනික අණුවක් රැඳවීමෙන් එම අණුවටත් තාවකාලිකව ඉහත් ගුණ ළබාදීමට හැකිය.මෙවැනි කාබනික සහ අකාබනික සංයුක්ත සංයෝගවල ඇති ප්‍රයෝජන තවත් දිනයකදී ලියන්නම්.
Subscribe to:
Post Comments (Atom)
අයියෝ... මම මේක කියවන්න ගත්තෙම ඔය තවත් දවසක ලියන්නම් කියපු දේ කියවන්නමයි. කොහොම වුනත් හොඳ ලිපියක්. දිගටම ලියන්න.
ReplyDelete