Thursday, December 3, 2009

සොල්-ජෙල් වල ප්‍රයෝජණ පලවෙනි කොටස

මම මීට ඉහතදී ලියන ලද බ්ලොගය කවුරුවත් මෙපමන ඉක්මනින් කියවයි කියලා හිතුවේ නැහැ. තියෙන වෙලාවෙ හැටියට ලියන්නත් එපායැ. කොහොම උනත් කියවපු අයට බොහොම ස්තූතියි.

සොල්-ජෙල් පාවිච්චි කරණ ක්ෂේත්‍ර ගනනාවක් තියෙනවා. වැටෙන ආළෝක කිරණ වලට අනුව පාට ඇතිකරණ/වෙනස්වෙන කාබනික අණු ඇතුලත් කරලා හදපු සොල්-ජෙල් ජනේල වල වීදුරු වල ආලේපයක් ලෙස යොදා ගත් විට, දවසේ වෙලාව අනුව පාට වෙනස්වෙන ජනේල හදා ගන්න පුලුවන්.

අණුක මට්ටමේදී සොල්-ජෙල් වල සිදුරු තිබෙන බව මම කලින් කිව්වා. එම සිදුරු පාවිච්චි කරලා රසායනික සංවේදක (chemical sensors) හදන්න පුලුවන්. රසායනික සංවේදක ගැන වෙනම ලියන්න ඕනේ. නමුත් ඉතා කෙටියෙන් ලිට්මස් කොල වගේ කියලා හිතන්නකො. pH අගය අනුව ලිට්මස් කොල වල පාට වෙනස් වෙන බව දන්නවානේ. pH අගය ප්‍රොටෝන් සාන්ද්‍රණය පෙන්නුම් කරන දෙයක්. එහෙමනම් ලිට්මස් කොල වල පාට වෙනස්වීම ප්‍රොටෝන් සාන්ද්‍රණය සඳහා යොදා ගත හැකි රසයනික සංවේදකයක්.

නැවතත් සොල්-ජෙල් වෙත ආවොත්, ඒවායේ ඇති සිදුරු වලින් කුඩා වායු අණු වලට ඇතුලට යන්න පුලුවන්. දැන් අපි යම්කිසි වායු අණුවක් සමග ප්‍රතික්‍රියා කල විට පාට වෙනස් වෙන් කාබනික අණුවක් අඩංගුකල සංයුක්ත සංයෝගයක් තැනූ විට, එම සංයෝගය ඉහත සඳහන් කල වායු අණුවට රාසායනික සංවේදකයක් ලෙසට භාවිතා කරන්න පුලුවන්. මීට අමතරව තවත් ක්ෂේත්‍ර වල සොල්-ජෙල් පාවිච්චි කරනවා. සිංහල වචන හොයා ගත්තාම එවා ගැනත් ලියන්නම්. දැනට මම දන්න රසායනික සංවේදක ගැන තව දුරටත් ඊ ලඟට ලියන්නම්.

4 comments:

  1. අදයි මෙක මම දැක්කේ නියමයි
    මේ දෙවල් දැන ගන්න එක කොච්චර වටිනවද?
    අපි වගේ අයට දැනගන්න මේ වගේ ඒවා දිගටම ලියන්න හැකි‍ වේවා යැයි පාර්තනා කරනවා

    ReplyDelete
  2. එල එල , දිගටම ලියන්න... අපී මේවා ගෑන වෑඩියෙ දන්නේ නෑහෑ !

    ReplyDelete
  3. තව දෙයක් මේ විදිහට මේ සොල් ජෙල්වල යම්කිසි වායු අණුවක් සමග ප්‍රතික්‍රියා කිරීම පාලනය ක‍රන්න පුලුවන්ද එහෙම උනොත් (සමහ‍රවිට දැනටමත් ඇති) වාහනවල වීදුරුවල පාට වෙනස් ක‍රන්න ක්‍රමයක් තියනවා. තව දුරටත් කියනවනම් අපි වාහනෙන් බැහැල යනකොට remote control එකෙන් වාහනේ ලොක් ක‍රනවාත් එක්කම වාහනේ ඇතුල නොපෙනෙන කලු පාට ක‍රන්න වගේ.

    ReplyDelete
  4. සහන්

    ඒක කරන්න සොල්-ජෙල් අවශ්‍යම නැහැ. සන්නායක බහුඅවයවක (conducting polymers) යොදා ගෙන ඒක කරන්න පුලුවන්. ඒවායේ පාට විභවය (applied potential) අනුව වෙනස් වෙනවා. සොල්-ජෙල් උපයෝගී කරගෙන සන්නායක බහුඅවයවක වීදුරු වල ආලේප කරන්න නම් පුලුවන්. මං හිතන්නෙ දැනටමත් ඒක කරලා ඇති.

    ReplyDelete