Sunday, April 18, 2010

ඔබේ වාහානයට ඉන්ධන සපයන වෛරසයක්


ඇමෙරිකාවේ MIT විශ්ව විද්‍යාලයේ ඇන්ජෙලා බෙල්චර් (Angela Belcher) පර්යේෂණ කන්ඩායම විසින් අලුත්ම ආකාරයකට ජල විච්චේදනයෙන් හයිඩ්‍රජන් සහ ඔක්සිජන් නිපදවීමේ විධියක් සොයාගෙන ඇත. පුනර්ජන්‍ය බලශක්ති පර්යේෂණවල නිරතවන බොහෝ දෙනෙක් ජලවිච්චේදනයෙන් ලබාගන්නා හයිඩ්‍රජන් ඉන්ධනයක් ලෙස යොදාගැනීමෙ පහසුදායක් ක්‍රම සොයාගැනීමට වෙරදරති.

සාමාන්‍යයෙන් ජල විච්චේදනය සඳහා දැනට භාවිතාකරන්නේ විදුලි ධාරාවකි. ඇන්ජෙලාගේ කන්ඩායම M13 නම් හානිකර නොවෙන වෛරසයෙ එක් අගකට ආලෝක සංවේදී සි(z)න්ක් පොර්ෆයිරීන් (Zinc Porphyrin) අණුවක්ද අනික් අගට ඉරිඩියම් ඔක්සයිඩ් (Iridium Oxide) උත්ප්‍රේරකයක්ද සවිකර මෙම අලුත්ම ආකාරයේ ප්‍රභාසංස්ලේශන අණුකාරකය නිපදවා ඇත.

සි(z)න්ක් පොර්ෆයිරීන් අණුව මගින් අවශෝෂනය කරන ලද ආලෝක ශක්තිය විද්‍යුත් ශක්තිය ලෙස වෛරසය දිගේ ඉරිඩියම් ඔක්සයිඩ් අණුව වෙත සන්ක්‍රමණයවී ජලය ඔක්සිජන්, ප්‍රෝටෝන සහ ඉලෙක්ට්‍රෝන බවට පරිවර්ථනයවේ. ඔවුන් විසින් එම ප්‍රෝටෝන සහ ඉලෙක්ට්‍රෝන නැවත එකතුකර හයිඩ්‍රජන් පරමාණුද එම පරමාණු නැවත් එකතුකර හයිඩ්‍රජන් වායු අණුද නිපධවීමටත්, ඉරිඩියම් ඔක්සයිඩ් වෙනුවට ලාභදායී උත්ප්‍රේරකයක් යොදාගැනීමටත් තවදුරට පර්යෙෂණ කෙරේ.



තව දුරටත් කියවන්න http://web.mit.edu/newsoffice/2010/belcher-water-0412.html

2 comments:

  1. හ්ම් හ්ම්.

    හැබැයි එතකොට ජල ටැංකියට කෘත්‍රිම ආලෝක ප්‍රභවයකුත් සපයන්න වෙනවා නේ?

    ReplyDelete
  2. පෙට්‍රල් ටැන්කියක් අවශ්‍ය නැතිනිසා වහලේ හයි කරනලද කෝෂයකින් හයිඩ්‍රජන් නිපදවලා එන්ජිමට යවන්න හැකිනේ!

    ReplyDelete