Monday, April 19, 2010

ක්වොන්ටම් තිත් (Quantum Dots) වල පාට පාට ලෝකය

ක්වොන්ටම් තිත් යනු අර්ධ සන්නායක ද්‍රව්‍යවලින් සෑදුනු නැනෝ අංශූන්ය. මෙම අංශුවල එක්සිටෝනයන ත්‍රිමාණ අවකාශයේ සීමාන්විතවී තිබේ. එමනිසා ඒවායෙ ගුණාංගයන් අණු සහ ද්‍රව්‍ය අතර පවති. සරල ලෙස කිවුවහොත් මෙම අංශුවලට අනිකුත් නැනෝ අංශුවල නොපවතින ආකාරයේ ගතිගුණ තිබේ.
මෙම අංශූන්ගේ විෂ්කම්බය මත ඒවායෙ සංයුජථා කලාපය සහ සන්නායක කලාපය අතර ඇති පරතරය වෙනස්වේ. විෂ්කම්බය කුඩාවන විට මෙම පරතරය වැඩිවේ. මෙම පරතරය වැඩිවනවිට එම කලාප අතර ඉලෙක්ට්‍රෝන හුවමාරුව සඳහා අවශ්‍යවන ශක්තියද එනිසාවෙන්ම ප්‍රතිදීප්තිය මගින් විමෝචනය වන ශක්තියද වැඩිවේ. අප කවුරුත් දන්නාපරිදි රතු ආලෝක කිරණවලට වඩා නිල් ආලෝක කිරණ වැඩි ශක්තියෙන් යුතුවේ. ක්වොන්ටම් තිත්වල මෙම ගුණය නිසා ඒවායේ ප්‍රමාණය මත විවිධ වර්ණයන් නිකුත්කරන අංශු තැනිය හැකිය.
මෙම අංශූන් භාවිතාකර විවිධ සෛල (උදා: පිලිකා සෛල) සලකුනුකිරීම ඒවායේ එක් ප්‍රයෝජනයකි. එයට අමතරව LED, ඩයෝඩ් ලේසර්, සුර්ය කෝෂ, සඳහාද මේවා භාවිතාකිරීමට පර්යේෂන කෙරෙනවා. මේවා සාදන ආකාරය නිසා සෛල සලකුනුකිරීමට අවශ්‍ය අනු මෙවාට ඈඳීම එතරම් පහසුදෙයක් නොවේ. එවැනි ඈඳීම් සඳහා නවතම ක්‍රම සොයා ගැනීමටද ඉතා විශාල ලෙස පර්යේශණ කෙරෙනවා.

මෙවැනිදේ ලංකාව තුලද කලහැකිවුවහත් ඒ සඳහා ලැබෙන මුල්‍යමය සහයෝගය ඉතා අඩුය.

පින්තූර ලභාගත්තේ
http://med.tn.tudelft.nl/~hadley/nanoscience/week2/Nano-CdSe.png
http://publications.nigms.nih.gov/insidethecell/images/ch1_qdots.jpg

2 comments:

  1. ඕක කෝමද බන් පිලිකා ස්යිල මාර්ක් කරන්න ගන්නෙ

    ReplyDelete
  2. මේක ලිව්වට පස්සෙ හිතුනා පිලිකා සෛල සලකුනු කරණ හැටි ගැනත් ලිව්වොත් හොඳයි කියලා. වෙන ලිපියක ඒක ලියන්නම්

    ReplyDelete