බ්‍රසීලයේ මිලියන 200ක් පමණ හරකුන් සිටිති. මෙම හරකුන් සියල්ලන්ගේම කනෙහි ට්‍රැකින් චිපයක් අන්තර්ගත කිරීමට බ්‍රසීලය බලාපොරොත්තුවෙනවා. මෙම චිපයන් සැදීම ගුවන් විදුලි තරංග හදුනාගැනීමේ පත් (RFID) මගින් සිදුකළ හැකිය. එමගින් හරකුන්ගේ ආගිය තැන්, අයිතිය වැනි දැ තහවුරුකර ගැනීමට හැකිය. RFID අපි නොදැනුවත්වම නිතර භාවිතාකරන දෙයකි.
මෙම චිපයන් මගින් අනාගතයේදි සතුන්ගේ රෝගී තත්වයන් සහ සෞඛ්‍ය මෙන්ම, උන්ගේ පෝෂණ තත්වයද මැනගැනීමට හැකිවේවි.
සමහරවිටෙක් සුරතලයට ඇතිකරන සතුන්ගේද මෙවැනි චිපයන් ඇතුළුකිරීම මගින් එම සතුන් සොරාගැනීම් සහ අතරමංවීම් වලකාගත හැකිවේ. ඉදිරියේදි මෙවැනි චිපයන් මගීන් සිදුකළ හැකිදැ තවත් වර්ධනය කිරීමටනම් ඉන්ජිනේරු, ජෛව සහ රසායන විද්‍යා අතර ඉතා සහසම්බන්ධතාවයකින් කටයුතු කළයුතුවේ.
බ්‍රසීලය වැනි අධ්‍යාපනයට වැඩි තැනක් නුදුන් රටක මෙවැනි තාක්ෂණය දියුණු කිරීම සිදුවුවද වසර හැට හැත්තෑ ගණනක් නොමිලෙ අධ්‍යාපනය සපයන අපට මෙවැනිදේ කළනොහැකියැයි ඔබ සිතනවාද?
වැඩිදුර මෙතැනින් කියවන්න
http://news.cnet.com/8301-13860_3-20004835-56.html
Tuesday, November 23, 2010
Thursday, November 18, 2010
ආවර්තිතා වගුවේ සාදයේදී කාබන්ට පිස්සුවැටෙයි
පහත වීඩියෝව ආවර්තිතා වගුවේ සාදයක් ගැනයි. එහි පොටැසියම් සහ ජලය අතර පැවැතෙන ස්ඵෝටක ප්‍රතික්‍රියාවක්ද, විරල වායුන් අතර කිසිම ප්‍රතික්‍රියාවක් නැති හැටි යනාදී වශයෙන් ආවර්තිතා වගුගේ සමහර ලක්ෂණ පෙන්වුම්කර ඇත. යුරෝපියානු සංගමයේ මාරි කියුරි ඇක්ෂන් නම් පර්යේෂණ සඳහා මුල්‍යාධාර සපයන සංවිධානයක් විසින් මෙම වීඩියෝව නිර්මාණය කර ඇත. ඔබට ආවර්තිතා වගුවේ ලක්ෂණ මතක තබා ගැනීමට මෙය උදවුවේද? මොකද හිතන්නේ?
Wednesday, October 6, 2010
2010 - රසායන විද්‍යා නොබෙල් ත්‍යාගය සහ නවීන ඖෂධ
2010 - රසායන විද්‍යා නොබෙල් ත්‍යාගය හිමිවී ඇත්තේ රිචර්ඩ් හෙක්, අයි-ඉචි නෙගීසී, අකිරා සුසුකි නම් රසායන විද්‍යාඥයින් තිදෙනාටය. හැටේ සහ හැත්තැවේ දශකයේදී නිර්මාණය කරනලද පැලේඩියම් උත්ප්‍රේරකය භාවිතාකර කාබන් කාබන් බන්ධන සැදීමේ ක්‍රමය සඳහායි.
කාබන් කාබන් බන්ධන සෑදීම සාමාන්‍යයෙන් අධික ශක්තියක් අවශ්‍යය. මෙම උත්ප්‍රේරකය මගින් එම බන්ධන සෑදීම ඉතාම පහසුවෙන් සිදුකරන බැවින් දැනට වෙළදපොලේ ඇති ඖෂධ බොහොමයක්, අලුත් ඉලෙක්ට්‍රොනික් භාණ්ඩවල ඇති කොටස් සෑදීමට අවශ්‍යවන ද්‍රව්‍ය මෙම ක්‍රමය භාවිතාකර සංශ්ලේෂණය කර තිබේ. තවදුරටත් කියවන්න
Trio wins Nobel for key chemical tool

Tuesday, October 5, 2010
2010 - භෞතික විද්‍යා නොබෙල් ත්‍යාගය සහ අදී වේගී පරිගණක, පාරදෘශ්‍ය ස්පර්ශ තිර
ද්විමාන කාබන් සැකිල්ලකින් යුතු ග්‍රැෆීන් නමැති ද්‍රව්‍ය නිපදවීම සහ ඒ පිළිබඳ කරනලද මූලික පර්යේෂණ වෙනුයෙන් අන්ද්රේ ගයිම් සහ කොන්ස්ටන්ටින් නොවොසලොව් රුසියානු විද්‍යාඥයින් දෙදෙනාට මෙවර නොබෙල් ත්‍යාගය හිමිවී ඇත. ග්‍රැෆීන් ඉතාමත් තුනී, ඉතාමත් ශක්තිමත් (වානේ මෙන් 100 ගුණයකටත් වඩා) ද්‍රව්‍යයකි. අදී වේගී පරිගණක සහ පාරදෘශ්‍ය ස්පර්ශ (transparent touch screens) තිර තැනීමට මෙම ග්‍රැෆීන් යොදා ගනි.
වැඩිදුර මෙතැනින් කියවන්න: http://news.yahoo.com/s/ap/20101005/ap_on_hi_te/eu_nobel_physics
පින්තූරය: http://www.lbl.gov/Science-Articles/Archive/sabl/2007/Nov/gap.html
වැඩිදුර මෙතැනින් කියවන්න: http://news.yahoo.com/s/ap/20101005/ap_on_hi_te/eu_nobel_physics
පින්තූරය: http://www.lbl.gov/Science-Articles/Archive/sabl/2007/Nov/gap.html
Monday, October 4, 2010
2010 - වෛද්‍ය හා කායික විද්‍යාව පිලිබඳ නොබෙල් ත්‍යාගය
මෙම වසරේ ප්‍රථමයෙන්ම නිවේදනය කල වෛද්‍ය හා කායික විද්‍යාව පිලිබඳ නොබෙල් ත්‍යාගය රොබර්ට් ජී එඩ්වර්ඩ් මහතාට හිමිවී ඇත. මෙම ත්‍යාගය ලැබීමට හේතුව ඔහු විසින් නිර්මානය කල නාලස්ථ සංසේචනය (in-vitro fertilization) (නළ දරුවන්) සඳහායි.
මෙම නිවේදනය සහ ප්‍රථම නළ දරුවා (දැන් තරුණියක්) සහ එඩ්වර්ඩ් මහතා සමග සාකච්චාවක වීඩියෝව මෙතැනින් බලන්න.
http://www.latimes.com/news/science/la-sci-nobel-medicine-20101005,0,5822420.story
කළින් ලියු අනාවැකි වලින් පලමුවැන්න වැරදිය. එම ලිපිය මෙතැනින්
වසරේ නොබෙල් ත්‍යාග අනාවැකි.......???

Saturday, October 2, 2010
න්‍යෂ්ටික බලය අපට සුදුසුද?
මුලින්ම සඳහන් කළයුත්තේ මා මේ ප්‍රශ්නයට පිළිතුරක් සෙවීම සඳහා මෙම සටහල ලියන බවත්, මේ මොහොතේ ඒගැන නිගමනයකට පැමිණ නැති බවත්ය.
මේ පිළිබඳව ලිපි දෙකක් ඇල්කෙමියා විසින් ලියා තිබූ බැවින් එම ලිපි 2ට ඌන පූර්ණයක් ලෙස මෙය ලිවීමට අදහස් කරමි. එබැවින් ඔබ එමලිපි මෙතැනින් (http://ariyananda.wordpress.com/) කියවා ඉන් පසු මේ ලිපිය කියවන්න යැයි ඉල්ලා සිටිමි.
ලංකාවේ න්‍යෂ්ටික බලය සඳහා පාවිච් කිරීමට බලා පොරොතු වෙනුයෙ තෝරියම්-232 සමස්ථානිකය භාවිතා කරමින්ය. එමනිසා ඒගැන අවධානයක් යොමුකිරීමට බලාපොරොත්තුවෙමි.
1. ලංකාවෙ බහුලව පවතින තෝරියනයිට්වලින් (මුලින්ම සොයාගෙන් ඇත්තේ ආනන්ද කුමාරස්වාමි විසිනි) තෝරියම් නිස්සාරණය කර ගැනීම මුලික පියවරයි. මේ සඳහා සෝඩියම් හයිඩ්රොක්සයිඩ් භාවිතාකර අධික උෂ්ණත්වයකට රත්කරන ක්‍රියාවලියක් දැනට භාවිතාවේ. යුරේනියම් භාවිතයේදී මෙවැනි රත් කිරීම මගින් නිසාරණය කිරීමේ මුලික පියවරක් නොමැත.
2. තෝරියම් ඩයොක්සයිඩ් (ThO2 - තෝරියනයිට්වල අඩංගු ප්‍රධාන සංයෝගය) විඛණ්ඩනීය තත්වයට ගෙන ඒම සඳහා යුරේනියම් සමස්ථානිකයක් සමග මුලික පියවරකදී ප්‍රතික්‍රියා කළයුතුවේ.
3. න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකය (nuclear reactor) සඳහාද යුරේනියම් අවශ්‍යවේ.
4. තෝරියම් 232 හි වාසි
මගේ නිරීක්ෂණ
1.ඉහත සඳහන්කල සෑම පියවරකදීම (උදාහරණයක් ලෙස, තෝරියම් නිස්සාරණයකරන පියවරේදී අධික උෂ්ණත්වයකට රත් කිරීම) බලශක්තිය පාවිච්චිකිරීම අවශ්‍යවේ. එමනිසා අවසාන පිරිවැය සාඵල්‍යතා විශ්ලේෂණයට (cost effectiveness analysis) එම සෑම පියවරක්ම අදාළ කර ගතයුතුය
2. අපේ රටේ තිබෙන සෑම ඛනිජද්රව්යක්ම (මිනිරන්, ෆොස්ෆේට්, මැණික්) හාරා පිටරට යැවීම පමණක් සිදුකරන නිසා තෝරියම් නිස්සාරණයකරන කර්මාන්තශාලාවක් මුලින් ඉඳිකිරීම සුදුසුයැයි මට සිතේ. එහි ක්‍රියාකාරිත්වය අනුව දෙවැනිපියවර ලෙස විදුලිබලාගාරය ඉඳිකළ හැක. මෙමගින් න්‍යෂ්ටික ද්රවයගැන අවබෝධයක්ද සේවකයින්ට ලබාගත හැක
3. නිස්සාරණය සඳහා අවශ්‍යවන සෝඩියම් හයිඩ්රොක්සයිඩ් අතීතයේ පරන්තන්හී නිපදවන ලදී. මෙම කර්මාන්තශාලාව අභාවයටගියෙ යුද්ධයට පෙරය. එමනිසා පිරිවැය අඩුකර ගැනීම සඳහා එම කර්මාන්තශාලාව නැවත ආරම්භකිරීම කළයුතුයැයි මම සිතමි
4. න්‍යෂ්ටික අනතුරු වළක්වා ගැනීම සහ චර්නෝබිල් වැනි (http://www.chernobyl.info/index.php) අනතුරක් ලංකාවට දරා ගත හැකිද යන්නද විශ්ලේෂණයට ඇතුළත්විය යුතුය. ශ්‍රිලංකාව දූපතක් බැවින් සහ නිරිතදිගින් සහ ඊශානදිගින් හමනා සුළඟින් කොයිතරම් කාලයක්තුල කුමන ප්‍රදේශ සීමාවක් අනතුරකට ලක්වෙයිද යන්නද විශ්ලේෂණය කළයුතුය. චර්නෝබිල් වැනි අනතුරු සිදුවීමේ හැකියාව අවමවුවද සර්ව අශුභවාදී විශ්ලේෂණයක්ද නොකරසිටීමේ අනතුර ලෙහෙසියෙන් ඉවතලා හැක්කක් නොවේ
5. මෙයට අමතරව න්‍යෂ්ටික අපද්‍රව්‍ය ගබඩා කිරීම, ප්‍රවාහනය කිරීම, එම කර්තව්‍යන්ගේ ආරක්ෂාව පිළිබඳවද විශ්ලේෂණයක් කළයුතුය. ඒ සඳහා වැයවන පිරිවැයද මෙම බලශක්ති ප්රවාහයේ පිරිවැයට එක්කල යුතුය
දේශපාලන, විද්‍යාත්මක සහ පාරිසරික ක්‍රියාකාරීන්ගේ බලපෑම්වලින් තොරව කරනලද ස්වාධීන විශ්ලේෂණාත්මක අගැයීමක් සම්පූර්ණයෙන් කියවා බලන තුරු මගේ තීරණය අත්හිටුවා තැබීමය මම තීරණය කළෙමි. කෙසේවෙතත් විද්‍යාත්මක දෑගැන කිසිම සංවාදයක් සිදු නොවන රටක මෙමගින් හෝ විද්‍යාත්මක සංවාදයක් ඇතිවීමගැන මම සතුටුවෙමි. බලශක්ති නිපදවීමගැන හදාරන ඉංජිනේරු සිසුන්ට හෝ බලශක්ති ඉංජිනේරුවන්හට තමන්ගේ විශ්ලෙෂණයන් ඉදිරිපත්කිරීමට ආරධනා කරමි.

- න්‍යෂ්ටික අපද්‍රව්‍යවල විකිරණශීලීත්වය පවතින කාලසීමාව ඉතා අඩුය (නමුත් මේවා විකිරණශීලී අපද්රව්යබව මතකතබා ගතයුතුය)
- දැනට පවත්නා තාක්ෂණය අනුව තෝරියම් භාවිතා කොට න්‍යෂ්ටික ආයුධ නිපද විය නොහැක. තෝරියම් 232 -> යුරේනියම් 232, 233 සමස්ථානික සෑදුවද, ඒවා අධික උණුසුමකින් පවතින බැවින් ආයුධ නිපදවීමට යොදා ගත නොහැක
- යුරේනියම්වලට සාපේක්ෂව තෝරියම් නිදි අධික වශයෙන් පවති
- කලින් සඳහන්කල පරිදි විඛණ්ඩනීයතත්වයට ගෙනඒමට යුරේනියම්-235 භාවිතා කිරීමට සිදුවන බැවින් න්‍යෂ්ටික අපද්‍රව්‍ය සම්පුර්ණයෙන්ම කෙටිකාලීන විකිරිණශීලිත්වයකින් යුතුයැයි සිතීම වැරදියි
- එයට අමතරම සමහර දීර්ඝ ජීව කාලයක් සහිත ඇක්ටිනයිඩ් සමස්ථානිකද මෙම අපද්‍රව්‍යවල තිබේ
- ඉන්දියාවේ ඇති විශාල තෝරියම් නිදි නිසා ඔවුන් තෝරියම් පිළිඹඳ විද්‍යාත්මක පරීක්ෂණ පැවැත්වුවද න්‍යෂ්ටික ආයුධ සඳහා යොදාගත නොහැකි බැවින්, ලොව පුරා තෝරියම් පර්යේෂණවලට වියදම්කරන මුදල් ප්‍රමාණය ඉතා අඩුය (විද්‍යාත්මක පර්යේෂණ සඳහා මුදල් වෙන්කිරීමේ දුක්ඛදායී තත්වය එයයි)
මගේ නිරීක්ෂණ
1.ඉහත සඳහන්කල සෑම පියවරකදීම (උදාහරණයක් ලෙස, තෝරියම් නිස්සාරණයකරන පියවරේදී අධික උෂ්ණත්වයකට රත් කිරීම) බලශක්තිය පාවිච්චිකිරීම අවශ්‍යවේ. එමනිසා අවසාන පිරිවැය සාඵල්‍යතා විශ්ලේෂණයට (cost effectiveness analysis) එම සෑම පියවරක්ම අදාළ කර ගතයුතුය
2. අපේ රටේ තිබෙන සෑම ඛනිජද්රව්යක්ම (මිනිරන්, ෆොස්ෆේට්, මැණික්) හාරා පිටරට යැවීම පමණක් සිදුකරන නිසා තෝරියම් නිස්සාරණයකරන කර්මාන්තශාලාවක් මුලින් ඉඳිකිරීම සුදුසුයැයි මට සිතේ. එහි ක්‍රියාකාරිත්වය අනුව දෙවැනිපියවර ලෙස විදුලිබලාගාරය ඉඳිකළ හැක. මෙමගින් න්‍යෂ්ටික ද්රවයගැන අවබෝධයක්ද සේවකයින්ට ලබාගත හැක
3. නිස්සාරණය සඳහා අවශ්‍යවන සෝඩියම් හයිඩ්රොක්සයිඩ් අතීතයේ පරන්තන්හී නිපදවන ලදී. මෙම කර්මාන්තශාලාව අභාවයටගියෙ යුද්ධයට පෙරය. එමනිසා පිරිවැය අඩුකර ගැනීම සඳහා එම කර්මාන්තශාලාව නැවත ආරම්භකිරීම කළයුතුයැයි මම සිතමි
4. න්‍යෂ්ටික අනතුරු වළක්වා ගැනීම සහ චර්නෝබිල් වැනි (http://www.chernobyl.info/index.php) අනතුරක් ලංකාවට දරා ගත හැකිද යන්නද විශ්ලේෂණයට ඇතුළත්විය යුතුය. ශ්‍රිලංකාව දූපතක් බැවින් සහ නිරිතදිගින් සහ ඊශානදිගින් හමනා සුළඟින් කොයිතරම් කාලයක්තුල කුමන ප්‍රදේශ සීමාවක් අනතුරකට ලක්වෙයිද යන්නද විශ්ලේෂණය කළයුතුය. චර්නෝබිල් වැනි අනතුරු සිදුවීමේ හැකියාව අවමවුවද සර්ව අශුභවාදී විශ්ලේෂණයක්ද නොකරසිටීමේ අනතුර ලෙහෙසියෙන් ඉවතලා හැක්කක් නොවේ
5. මෙයට අමතරව න්‍යෂ්ටික අපද්‍රව්‍ය ගබඩා කිරීම, ප්‍රවාහනය කිරීම, එම කර්තව්‍යන්ගේ ආරක්ෂාව පිළිබඳවද විශ්ලේෂණයක් කළයුතුය. ඒ සඳහා වැයවන පිරිවැයද මෙම බලශක්ති ප්රවාහයේ පිරිවැයට එක්කල යුතුය
දේශපාලන, විද්‍යාත්මක සහ පාරිසරික ක්‍රියාකාරීන්ගේ බලපෑම්වලින් තොරව කරනලද ස්වාධීන විශ්ලේෂණාත්මක අගැයීමක් සම්පූර්ණයෙන් කියවා බලන තුරු මගේ තීරණය අත්හිටුවා තැබීමය මම තීරණය කළෙමි. කෙසේවෙතත් විද්‍යාත්මක දෑගැන කිසිම සංවාදයක් සිදු නොවන රටක මෙමගින් හෝ විද්‍යාත්මක සංවාදයක් ඇතිවීමගැන මම සතුටුවෙමි. බලශක්ති නිපදවීමගැන හදාරන ඉංජිනේරු සිසුන්ට හෝ බලශක්ති ඉංජිනේරුවන්හට තමන්ගේ විශ්ලෙෂණයන් ඉදිරිපත්කිරීමට ආරධනා කරමි.
Wednesday, September 22, 2010
වසරේ නොබෙල් ත්‍යාග අනාවැකි.......???
2010 වසරේ නොබෙල් ත්‍යාග ලාභීන් ඔක්තෝබර් 4 වැනිදා සිට දිනපතා නිවේදනය කිරීමට නියමිතයි නමුත් ඒවා පිළිබඳ අනාවැකි පළකිරීම දැන්ම සිට ආරම්භවී ඇත. රොයිටර් ප්රවෘත්ති සේවාව මගීන් මෙම අනාවැකිය පහත සඳහන් විද්වතුන් එම ත්‍යාගය ලබා ගනිතැයි සඳහන් කර ඇත. මෙය කොයිතරම් දුරට නිවැරදිද යන්න තව සති කිහිපයකින් දැන ගත හැක
http://science.thomsonreuters.com/nobel/2010predictions/
http://science.thomsonreuters.com/nobel/2010predictions/
රසායන විද්‍යාව
- Patrick O. Brown
Professor, Department of Biochemistry, Stanford University School of Medicine, Stanford, CA USA, and Investigator, Howard Hughes Medical Institute
Why: for the invention and application of DNA microarrays, a revolutionary tool in the study of variations in gene expression.(ජාන ප්‍රකාශන මට්ටම තීරණය කිරීම ට පහසු වන DNA මයික්‍රො අරාව තාක්ෂණය නිර්මාණය කිරීම වෙනුවෙන්) - Susumu Kitagawa
Deputy Director, Institute for Integrated Cell-Material Sciences, and Professor, Department of Synthetic Chemistry and Biological Chemistry, Graduate School of Engineering, Kyoto University, Kyoto, Japan
Why: for the design and development of porous metal-organic frameworks, whose applications include hydrogen and methane storage, gas purification, and gas separation, among others (වායු ගබඩා කිරීම, වායුන් වෙන්කර ගැනීම, වායුන් පිරිසිඳු කිරීම වැනි කාර්යයන්ට භාවිතා කළහැකි ලෝහ සහ කාබනික සංයුක්ත අනු නිර්මාණය කිරීම වෙනුවෙන්) - Stephen J. Lippard
Arthur Amos Noyes Professor, Department of Chemistry, Massachusetts Institute of Technology, Cambridge, MA USA
Why: for pioneering research in bioinorganic chemistry, including the discovery of metallointercalators to disrupt DNA replication, an important contribution to improved cancer therapy (ජෛව අකාබනික රසායන විද්‍යාව නගා සිටුවීමට පුරෝගාමී පර්යෙෂණ කිරීම, විශේෂයෙන්ම ලෝහ අන්තර්ස්ථාපන අනු මගින් DNA ප්‍රතිවලිත වීම වැලක්වීම මගීන් පිළිකා ප්‍රතිකාර ක්‍රම නිර්මාණය වෙනුවෙන්) - Omar M. Yaghi
Jean Stone Professor, Department of Chemistry and Biochemistry, University of California Los Angeles, Los Angeles, CA USA
Why: for the design and development of porous metal-organic frameworks, whose applications include hydrogen and methane storage, gas purification, and gas separation, among others (වායු ගබඩා කිරීම, වායුන් වෙන්කර ගැනීම, වායුන් පිරිසිඳු කිරීම වැනි කාර්යයන්ට භාවිතා කළහැකි ලෝහ සහ කාබනික සංයුක්ත අනු නිර්මාණය කිරීම වෙනුවෙන්)
- Charles L. Bennett
Professor of Physics & Astronomy, Department of Physics & Astronomy, Johns Hopkins University, Baltimore, MD USA, and Senior Scientist for Experimental Cosmology, NASA Goddard Space Flight Center, Greenbelt, MD USA
Why: for discoveries deriving from the Wilkinson Microwave Anisotropy Probe (WMAP), including the age of the universe, its topography, and its composition - Thomas W. Ebbesen
Professor, University of Strasbourg, and Director, ISIS (Institute of Science and Supramolecular Engineering), Strasbourg, France
Why: for observation and explanation of the transmission of light through subwavelength holes, which ignited the field of surface plasmon photonics - Lyman A. Page
Henry DeWolf Smyth Professor of Physics, Department of Physics, Princeton University, Princeton, NJ USA
Why: for discoveries deriving from the Wilkinson Microwave Anisotropy Probe (WMAP), including the age of the universe, its topography, and its composition - Saul Perlmutter
Professor, Department of Physics, University of California Berkeley, Berkeley, CA USA, and Senior Scientist, Lawrence Berkeley National Laboratory, Berkeley, CA USA
Why: for discoveries of the accelerating rate of the expansion of the universe, and its implications for the existence of dark energy - Adam G. Riess
Professor, Department of Physics and Astronomy, Johns Hopkins University, Baltimore, MD USA, and Senior Member, Space Telescope Science Institute, Baltimore, MD USA
Why: for discoveries of the accelerating rate of the expansion of the universe, and its implications for the existence of dark energy - Brian P. Schmidt
Australian Research Council Federation Fellow, Research School of Astronomy and Astrophysics, Australian National University, Weston Creek, Australia
Why: for discoveries of the accelerating rate of the expansion of the universe, and its implications for the existence of dark energy - David N. Spergel
Charles Young Professor on the Class of 1897 Foundation and Chair, Department of Astrophysical Sciences, Princeton University, Princeton, NJ USA
Why: for discoveries deriving from the Wilkinson Microwave Anisotropy Probe (WMAP), including the age of the universe, its topography, and its composition
- Douglas L. Coleman
Senior Staff Scientist Emeritus, Jackson Laboratory, Bar Harbor, ME USA
Why: for the discovery of leptin, a hormone regulating appetite and metabolism - Jeffrey M. Friedman
Marilyn M. Simpson Professor, Laboratory of Molecular Genetics, Rockefeller University, New York, NY USA, and Investigator, Howard Hughes Medical Institute
Why: for the discovery of leptin, a hormone regulating appetite and metabolism - Ernest A. McCulloch
Senior Scientist, Ontario Cancer Institute, Toronto, Ontario, Canada
Why: for the discovery of stem cells - Ralph M. Steinman
Henry G. Kunkel Professor and Senior Physician, Laboratory of Cellular Physiology and Immunology, Rockefeller University, New York, NY USA
Why: for the discovery of dendritic cells, key regulators of immune response - James E. Till
Senior Scientist, Ontario Cancer Institute, Toronto, Ontario, Canada
Why: for the discovery of stem cells - Shinya Yamanaka
Professor, Department of Stem Cell Biology, Institute for Frontier Medical Sciences, Kyoto University, Kyoto, Japan; Senior Investigator, Gladstone Institute of Cardiovascular Disease, San Francisco, CA USA; and Professor of Anatomy, University of California San Francisco, San Francisco, CA USA
Why: for the development of induced pluripotent stem cells
- Alberto Alesina
Nathaniel Ropes Professor of Political Economics, Department of Economics, Harvard University, Cambridge, MA USA
Why: for theoretical and empirical studies on the relationship between politics and macroeconomics, and specifically for research on politico-economic cycle - Nobuhiro Kiyotaki
Professor of Economics, Department of Economics, Princeton University, Princeton NJ USA
Why: for formulation of the Kiyotaki-Moore model, which describes how small shocks to an economy may lead to a cycle of lower output resulting from a decline in collateral values that creates a restrictive credit environment - John H. Moore
George Watson’s and Daniel Stewart’s Professor of Political Economics, University of Edinburgh, Edinburgh, Scotland, and Professor of Economics, Department of Economics, London School of Economics, London, England
Why: for formulation of the Kiyotaki-Moore model, which describes how small shocks to an economy may lead to a cycle of lower output resulting from a decline in collateral values that creates a restrictive credit environment - Kevin M. Murphy
George J. Stigler Distinguished Service Professor of Economics, University of Chicago Booth School of Business, Chicago, IL USA, and Senior Fellow, Hoover Institution, Stanford CA USA
Why: for pioneering empirical research in social economics, including wage inequality and labor demand, unemployment, addiction, and the economic return of investment in medical research, among other topics
Labels:
Nobel Prize,
Science in Sinhala,
නොබෙල් ත්‍යාග
Location:
Pittsburgh, PA, USA
Thursday, July 15, 2010
බ්ලේක්ස් 7 බලලා තියෙනවාද?
මා කුඩා කාලයේදී, BBC හී විකාශණයවූ අභ්‍යාවකාශ විද්‍යා ප්‍රබන්ධයක් වූ බ්ලේක්ස් 7 ලංකාවේ රූපවාහිනියේ බලනවා මතකයි. මීට අවුරුදු කිහිපයකට පෙර එහි DVD මාලාව පිටවිණි. කුඩා කාලයේ මතකයන් නිසා එය නැවත බැලීමේ ආසාව තිබුනද DVD 2නි කළාපයේ පමණක් නිසා සහ මිලෙන් වැඩිවීම නිසා බැලීමට නොහැකිවිය. නමුත් ඉතා මැතකදී මුලු වසර 4හිම සියලූම කථාංගයන් බැලීමට හැකි වෙබ් අඩ්වියක් සොයා ගතිමි. එය ඔබ සැම සමග බෙදා ගැනීමටයි මෙම සටහන.
අභ්‍යාවකාශ ෆෙඩරේශණය නම්වූ ලෝකයන් පාලනය කරන ආන්ඩුවකට විරුද්ධ බ්ලේක්, ඒවන්, විලා, ජෙනා, කැලී, ගෑන් සහ ලිබරේටර් යන ඉතාමත් අග්රගන්යයේ අභ්‍යාවකාශ යානය යන 7 දේනා ආරම්භයේදීද, පසුව ඔරැක් යන අග්රගන්යයේ පරිගනකයද, ට්‍රැවිස් සහ සර්වලෑන් යන දුශ්ඨයන් දෙදෙනාද මෙම කථාවේ ප්‍රධාන චරිතවේ.
මෙන්න සබැඳියාව: www.veehd.com
අවුරුදු 32 ඉහතදී නිශපාදනය කලද මෙම වැඩ සටහන තවමත් සතුටුවිය හැකි තත්වයක තිබෙන බව මගේ හැගීමයි. ඔබත් එසේ සිතනවාද?

Wednesday, May 19, 2010
කොළඹ වරායේ රසායනික ගින්න ඔබටත් බලපායිද?
කොළඹ වරායේ රසායනික ගින්නක් යන පුවතක් මා දුටුවා. ඒ ගැන විස්තරයක් සොයා ගන්න පුලුවන් තරම් උත්සාහ කලත්, වරාය අධිකාරියෙනුත් කියා තිබුනේ එය කුමක්දැයි යන්න තවමත් සොයා බලන බවයි. මේ ගැන මම ඉතාමත් විමතියට පත්වූයෙමි.
රසායන ද්‍රව්‍ය රටකට ගෙන්වනවිට ඒ සඳහා විවිධාකාර නීති සහ ආරක්ෂක ක්‍රියා මාර්ගයන් (safety procedures) ගතයුතුය. සමහර රසායනික ද්‍රව්‍ය වාතය සමග ගැටුනු විට සහ සමහර අසුරන ද්‍රව්‍ය සමග ගැටුනු විට ගිනි ගන්න පුලුවන්. එම ගින්නෙන් ඇතිවන සුවඳ (ගඳ) අනුව කුමන ආකාරයක් රසායනික ද්‍රව්‍යක් දැයි කිව හැකි අවස්ථාද තිබෙනවා. මෙහිදී මගේ සිතට නැගුනු තවත් සිතිවිල්ලක් නම්, මෙම කන්ටේනරයතුල තිබුනේ කුමක්දැයි ලියවිලිවල තිබිය යුතුය. එවැනි ලිය කියවිලි තිබුනෙ නැද්ද යන්නයි. මෙම කන්ටේනරය කාන්දුවෙමින් තිබුනානම් එවැනි ගින්නනක් හට ගැනීම වැලක්වීමට කටයුතු නොකෙරුනේ නොතේරුම්කමටද නැතිනම් නොසැලකිලලටද? එසේත් නැතිනම් එවැනි කාන්දුවීමවලට අවධානය ලක් කිරීමේ ක්‍රියා පටිපාටියක් නැතිද?
මෙවැනි ගිනිවලින් හැකිවිය දේ ගැන කවුරුත් කථාකරන අයුරක් නම් මම නොදිටිමි. සමහර රසායනික ද්‍රව්‍ය (කාබනික ) සම්පුර්ණයෙන් ගිනි ගත් කල කාබන් ඩයොක්සයිඩ් සහ ජලය සාදන බව අපි දන්නවා. නමුත් එවායේ සල්ෆර් හෝ නයිට්රජන් කාණ්ඩ තිබුනුහොත් සල්ෆර් ඩයොක්සයිඩ්, හයිඩ්රජන් සල්ෆයිඩ්, නයිට්රජන් ඩයොක්සයිඩ් වැනි විශ සහිත වායුන් ඇති විය හැකිය. එයට අමතරව අඩ වශයෙන් පිලිස්සුන විට එවා කෙලින්ම වාෂ්පවීමද නැතිනම් වෙනත් සංයෝග සැදීමද විය හැක. සමහර කාබනික ද්‍රව්‍ය පිලිකාකාරක සහ අනිකුත් ආභාධ හෝ රෝගකාරක ලෙස ක්‍රියා කරනවා. අකාබනික ද්‍රව්‍ය වලින්ද විශ සහිත වායුන් ඇතිවිය හැකිය. උදාහරණයක් ලෙස:හයිඩ්රජන් සයනයිඩ්. නමුත් බොහො අකාබනික ද්‍රව්‍ය වායුමය විශ සෑදීම ඇති හැකියාව අඩුයි. එහෙත් අකාබනික ද්‍රව්‍ය තවත් රසායනික ද්‍රව්‍ය සමග ප්‍රතික්‍රියා කිරීමෙන් එවැනි විශවායු සෑදීමේ හැකියාවන් තියෙනවා.
බොහෝ පුවත්පත්වල සහ රූපවාහිනි නාලිකාවල කියැවුනේ කිසිම කෙනෙක් රෝගාතුරවූ බවක් ආරංචිවී නොමැති බවයි. මෙය සුභදායි පුවතක් වූවත් එයින්ම මෙම වායුවෙන් කාහටවත් දිගුකාලීන කරදරයක් නොවූබව කිවහැක්කේ මෙම දුගඳ වායුව කුමක්දැයි දැන ගැනීමෙන් පසුව බවනම් මට කිව හැකිය. බාහාලනයේ තිබුණේ මොනවාදැයි සහ එම ද්‍රව්‍ය හැලුනේ කුමක් මතට දැයි දන්නවානම් රසායන විද්‍යාව යන්තම් දන්න කෙනෙකුට උනත් මෙම වායුව කුමක්දැයි කීම එතරම් අපහසු වන එකක් නැහැ. අපේ රටේ රසායන ද්‍රව්‍යවල ධුලක වේදය (විශ විද්‍යාව - toxicology) ගැන අවබොධය වැඩිකිරීමට කටයුතු කලහොත් ඉතාමත් හොඳයැයි මට සිතේ.

Friday, May 14, 2010
බිස්ෆීනෝල් ඒ පොලිකාබොනේට් (bisphenol A polycabonate) සහ දිලීර
බිස්ෆීනෝල් ඒ පොලිකාබොනේට් (bisphenol A polycabonate) - BPA, නොබිඳෙන සුලු ප්ලාස්ටික් වර්ග සෑදීමට භාවිතා කරන ෆීනොල් ක්‍රියාකාරී කාන්ඩ සහිත කාබනික ද්‍රව්‍යකි. පානීය ජලය බෝතල, වෛද්‍ය උපකරණ, ඇසුරුම් කරණ ලද ආහාර ද්‍රව්‍ය ආස්තරය කිරීමට යොදන ද්‍රව්‍යක් ලෙස BPA බහුල ලෙස යොදා ගැනේ. වසරකට ටොන් මිලියන 2.7ක් පමන BPA යොදාගත් ප්ලාස්ටික් වර්ග ලොව පුරා නිපැදවේ.
BPA, අන්තරාසර්ග නිශේදකයක් (Endocrine disruptor) ලෙස කුඩා ළමුන්ට සහ කලලයන්ටද හානිකරන අතර, පිලිකා සහ ස්ථුලභාවයටද සබැඳියාවක් ඇතැයි සැක සහිත ද්‍රව්‍යයකි. ඉන්දියාවේ මැඩ්රාස් හි ඉන්දියානු තාක්ෂනික ආයතනයේ (IIT - Madras) ත්‍රිශුල් ආර්ථම් සහ මුකේෂ් ඩොබල් බයොමැක්රොමොලෙකියුල් ප්‍රකාශණයේ ජනවාරි කලාපයේ සටහන් කල ආකාරයට පාර ජම්බුල කිරණවලින් ප්‍රවිකිරණය කරනලද ප්ලාස්ටික් වලින් දිලීරවල ආධාරය ඇතිව BPA සම්පූර්ණයෙන්ම ඉවත් කල හැකිය.
ප්ලාස්ටික්වලින් වටවූ ලෝකයක, මෙවැනි හානිකර ද්‍රව්‍ය පරිසරයට විමෝචනය වීම වැලක්වීමට ක්‍රමයක් සොයාගැනීම ඉතාමත් සතුටුදායක් පුවතකි.

Monday, April 26, 2010
ක්වොන්ටම් තිත් වලින් පිලිකා සෛල සලකුණු කරන හැටි
මීට කලින් කල සටහනකදී ලැබුණු ප්‍රතිචාරයකට මම මේ ගැන ලියන්නට පොරොන්දු වුවෙමි. වසරකට පිලිකා රෝගයෙන් මියයන ප්‍රමාණය ලෝකයේ සිදුවන සියලුම මරණවලින් 7% ක් පමනවේ. ශරීරයේ විවිධ තැන්වල පිලිකා හට ගැනෙන අතර පෙනහලු පිලිකාව වැඩිම මරණ සංඛ්‍යාවකට වග කියයි. ප්‍රතිකාර වලින් සුවකිරීමට ඇති හැකියාව පිලිකාව කොයි තරම් කලින් සොයා ගන්නවාද යන්න මත බෙහෙවින් රඳා පවතියි. එමනිසා පිලිකාවක් ඉතාමත් කුඩාම ප්රමාණයෙදී (සෛල කිහිපයක්) හඳුනා ගැනීමේ ක්‍රම සොයාගැනීමට විද්‍යාත්මක පර්යේෂණ කරන කන්ඩායම් රැසක් ලොව පුරා ඇත.
හැම සෛලයකම පාහේ අපිචර්මීය වර්ධන සාධක (Epidermal Growth Factors - EGF) නම් ප්‍රෝටීන පවුලක් සෛල පටලය මත දක්නට ලැබෙනවා. මෙම EGF සෛලවල වර්ධනයට සහ සෛලවල කර්තව්‍යන් පාලනය කරණ ඉතාමත් වැදගත් කොටසකි. නිරෝගී සෛලවල සහ පිලිකා සෛලවල මෙවා ඇති ප්‍රමාණයන්ගේ සහ රටාවන්ගේ වෙනසක් ඇති බව සඳහන්වේ. සාමාන්‍යයෙන් පිලිකා හඳුනා ගැනීමට යොදාගන්නා ක්‍රම මෙවැනි ඉතාමත් ස්වල්ප ප්‍රමාණයේ වෙනස්කම් හඳුනා ගැනීමට තරම් සංවේදී නැත. එමනිසා ප්‍රතිදීප්තිය (Fluorescence) දක්වන අණු භාවිතාකර EGF සලකුණු කිරීම වැනි ක්‍රම මේ සඳහා භාවිතා කෙරේ.
රූපයේ පෙනෙන ආකාරයට පටලයක තිබෙන EGF ප්‍රතිදේහ ජනකයන් (Antigen) ලෙස සලකා ඒ සමග ඉතාමත් විශිෂ්ටතාවකින් බැඳෙන එයට ආවෙනික ප්‍රාථමික ප්‍රතිදේහ (Primary Antibody) නිපධවිය හැක. උදාහරණයක් හැටියට මීයන්ගේ ඇඟට මිනිසුන්ගෙ සෛලවල EGF ඇතුලු කලවිට මෙම ප්‍රාථමික ප්‍රතිදේහ මීයන්ගේ ශරීරයේ නිපදවේ. ඉන් පසු ඒවා වෙන්කර පිරිසිඳු කර ගත හැක. එම ප්‍රතිදේහ ඒවායේ විශිෂ්ටභාවය (specificity) නිසා ඉතාමත් මිලෙන් අධිකය. මෙනිසා එවාට කෙලින්ම ප්‍රතිදීප්තිය සහිත අණු සවිකිරීම නොකරයි. නමුත් ඊළඟ පියවරේට මීයන්ගේ ඕනෑම ප්‍රතිදේහයක් සමග බැඳිය හැකි ද්විතීය ප්‍රතිදේහයක් ප්‍රතිදීප්තිය සහිත අණුවකින් සලකුණුකර (fluorescent tag) යොදාගත හැක. ද්විතීය ප්‍රතිදේහ පිරිසිඳුකිරීම පහසු බැවින් මිලෙන් අඩුය.
ප්‍රතිදීප්ත සලකුණු සඳහා යොදා ගන්නා අණුවල සමහර ගැටලු නිරාකරණය කර ගැනීමට ක්වොන්ටම් තිත් භාවිතා කල හැකිය. උදාහරණයක් ලෙස එම අණුවලට ආලෝකය වැටුනුවිට ඒවායේ පාට ආලෝක විරංජනයට ලක්වේ(photo bleach). ක්වොන්ටම් තිත් එම අණුවලට වඩා ආලෝකයට ඔරොත්තුදේ. ක්වොන්ටම් තිත්වලට ද්විතීය ප්‍රතිදේහ ඇඳීම ලෙහෙසි නොවේ. මේවා සාදන්නෙ කැඩ්මියම් සල්ෆයිඩ් (CdS) වැනි ද්‍රව්‍යවලින් නිසා ඒ සමග ප්‍රතික්‍රියා කරණ ද්‍රව්‍ය සොයාගැනීමත් එවැනි ප්රතික්රියාවන්හිදී ප්‍රතිදේහය විනාශනොවී තබාගැනීමත් ඉතා අපහසු කරුනකි. එම අභියෝගයන් ජයගැනීමට විද්‍යඥයෝ පර්යේෂණ කරති.
පින්තූරය ගත්තේ:
http://education.vetmed.vt.edu/Curriculum/VM8054/Labs/Lab2/IMAGES/LABELING.JPG

Saturday, April 24, 2010
කොම්පියුටරයෙන්ම විශ්ව විද්‍යාලයේ යන්න
ලෝකයේ ප්‍රධාන විශ්ව විද්‍යාල රැසක විවිධ විශයන් සඳහා පවත්වන ලද දේශන මාලාවන් වල වීඩියෝ පාඨමාලා සමූහයක් ඒකතුවක් ගැනයි මෙම බ්ලොග් සටහන.
මෙම අඩ්විය: http://academicearth.org/
විද්‍යා, සමාජ විද්‍යා, නීති, දේශපාලන විද්‍යා ඇතුලු විවිධ විශයයන් සඳහා මෙම පාඨමාලා ඇත. සමහර විටෙක් ගූගලයෙන් මෙම පාඨමාලා ගැන වැඩිදුර දේවල් සොයාගන්නටත් පුලුවන්.
තමන් විශ්ව විද්‍යාලයේ ගියත්, නොගියත්, යන්න බලාපොරොතුවෙන් සිටියත් මෙම අඩවියට ක්ලික් පාරක් දීලා බලන්න. මම දන්න හැටියට පිටුවෙ Other Useful Links යටතත් ම එම අඩවිය ඇතුලුකලා. ඇත්තටම කිව්වොත් මමත් එම අඩවියේ සමහර පාඨමාලා අධ්‍යනය කරමිනුයි ඉන්නේ.

Monday, April 19, 2010
ක්වොන්ටම් තිත් (Quantum Dots) වල පාට පාට ලෝකය
ක්වොන්ටම් තිත් යනු අර්ධ සන්නායක ද්‍රව්‍යවලින් සෑදුනු නැනෝ අංශූන්ය. මෙම අංශුවල එක්සිටෝනයන ත්‍රිමාණ අවකාශයේ සීමාන්විතවී තිබේ. එමනිසා ඒවායෙ ගුණාංගයන් අණු සහ ද්‍රව්‍ය අතර පවති. සරල ලෙස කිවුවහොත් මෙම අංශුවලට අනිකුත් නැනෝ අංශුවල නොපවතින ආකාරයේ ගතිගුණ තිබේ.
මෙම අංශූන්ගේ විෂ්කම්බය මත ඒවායෙ සංයුජථා කලාපය සහ සන්නායක කලාපය අතර ඇති පරතරය වෙනස්වේ. විෂ්කම්බය කුඩාවන විට මෙම පරතරය වැඩිවේ. මෙම පරතරය වැඩිවනවිට එම කලාප අතර ඉලෙක්ට්‍රෝන හුවමාරුව සඳහා අවශ්‍යවන ශක්තියද එනිසාවෙන්ම ප්‍රතිදීප්තිය මගින් විමෝචනය වන ශක්තියද වැඩිවේ. අප කවුරුත් දන්නාපරිදි රතු ආලෝක කිරණවලට වඩා නිල් ආලෝක කිරණ වැඩි ශක්තියෙන් යුතුවේ. ක්වොන්ටම් තිත්වල මෙම ගුණය නිසා ඒවායේ ප්‍රමාණය මත විවිධ වර්ණයන් නිකුත්කරන අංශු තැනිය හැකිය.
මෙම අංශූන් භාවිතාකර විවිධ සෛල (උදා: පිලිකා සෛල) සලකුනුකිරීම ඒවායේ එක් ප්රයෝජනයකි. එයට අමතරව LED, ඩයෝඩ් ලේසර්, සුර්ය කෝෂ, සඳහාද මේවා භාවිතාකිරීමට පර්යේෂන කෙරෙනවා. මේවා සාදන ආකාරය නිසා සෛල සලකුනුකිරීමට අවශ්‍ය අනු මෙවාට ඈඳීම එතරම් පහසුදෙයක් නොවේ. එවැනි ඈඳීම් සඳහා නවතම ක්‍රම සොයා ගැනීමටද ඉතා විශාල ලෙස පර්යේශණ කෙරෙනවා.
මෙවැනිදේ ලංකාව තුලද කලහැකිවුවහත් ඒ සඳහා ලැබෙන මුල්‍යමය සහයෝගය ඉතා අඩුය.
පින්තූර ලභාගත්තේ
http://med.tn.tudelft.nl/~hadley/nanoscience/week2/Nano-CdSe.png
http://publications.nigms.nih.gov/insidethecell/images/ch1_qdots.jpg

Sunday, April 18, 2010
ඔබේ වාහානයට ඉන්ධන සපයන වෛරසයක්

ඇමෙරිකාවේ MIT විශ්ව විද්‍යාලයේ ඇන්ජෙලා බෙල්චර් (Angela Belcher) පර්යේෂණ කන්ඩායම විසින් අලුත්ම ආකාරයකට ජල විච්චේදනයෙන් හයිඩ්රජන් සහ ඔක්සිජන් නිපදවීමේ විධියක් සොයාගෙන ඇත. පුනර්ජන්‍ය බලශක්ති පර්යේෂණවල නිරතවන බොහෝ දෙනෙක් ජලවිච්චේදනයෙන් ලබාගන්නා හයිඩ්රජන් ඉන්ධනයක් ලෙස යොදාගැනීමෙ පහසුදායක් ක්‍රම සොයාගැනීමට වෙරදරති.
සාමාන්‍යයෙන් ජල විච්චේදනය සඳහා දැනට භාවිතාකරන්නේ විදුලි ධාරාවකි. ඇන්ජෙලාගේ කන්ඩායම M13 නම් හානිකර නොවෙන වෛරසයෙ එක් අගකට ආලෝක සංවේදී සි(z)න්ක් පොර්ෆයිරීන් (Zinc Porphyrin) අණුවක්ද අනික් අගට ඉරිඩියම් ඔක්සයිඩ් (Iridium Oxide) උත්ප්‍රේරකයක්ද සවිකර මෙම අලුත්ම ආකාරයේ ප්‍රභාසංස්ලේශන අණුකාරකය නිපදවා ඇත.
සි(z)න්ක් පොර්ෆයිරීන් අණුව මගින් අවශෝෂනය කරන ලද ආලෝක ශක්තිය විද්‍යුත් ශක්තිය ලෙස වෛරසය දිගේ ඉරිඩියම් ඔක්සයිඩ් අණුව වෙත සන්ක්රමණයවී ජලය ඔක්සිජන්, ප්‍රෝටෝන සහ ඉලෙක්ට්‍රෝන බවට පරිවර්ථනයවේ. ඔවුන් විසින් එම ප්‍රෝටෝන සහ ඉලෙක්ට්‍රෝන නැවත එකතුකර හයිඩ්රජන් පරමාණුද එම පරමාණු නැවත් එකතුකර හයිඩ්රජන් වායු අණුද නිපධවීමටත්, ඉරිඩියම් ඔක්සයිඩ් වෙනුවට ලාභදායී උත්ප්‍රේරකයක් යොදාගැනීමටත් තවදුරට පර්යෙෂණ කෙරේ.
තව දුරටත් කියවන්න http://web.mit.edu/newsoffice/2010/belcher-water-0412.html
Subscribe to:
Posts (Atom)